පිත්තාශයෙහි ගල්

ඔබේ ප්‍රතිකාර සැලැස්ම රෝග ලක්ෂණ ඔබගේ දෛනික ජීවිතයට බලපාන ආකාරය මත රදා පවතී ඔබ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි නම් නිසියාකාර අධීක්ෂණය බොහෝ විට නිර්දේශ කරනු ලැබේ. මෙමගින් අදහස් වන්නේ ඔබට ඉක්මනින් ප්‍රතිකාර නොලැබුණද, රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් ඉක්මනින් වෙදැදුරුට දැන්විය යුතු බවයි. සාමාන්‍යයෙන් දීර්ඝකාලීනව රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි නම් ඔබගේ තත්ත්වය නරක අතට හැරීමට ඇති ඉඩකඩ අඩුය. ඔබට ප්‍රතිකාර අවශ්‍ය වන්නේ ඔබට මෙවැනි සංකූලතා ඇති වීමට වැඩි අවදානමක් ඇත්නම්‍ ය:

  • අක්මාවට හානි වීම (සිරෝසිස්-cirrhosis)
  • අක්මාව තුල අධි රුධිර පීඩනය (මෙය portal hypertension ලෙස හැඳින්වේ) මෙය බොහෝවිට මත්පැන් භාවිතා කිරිම නිසා ඇතිවන අක්මා රෝගයේ සංකූලතාවකි
  • දියවැඩියාව

ස්කෑන් පරීක්ෂණය මගින් පිත්තාශයෙහි අධික කැල්සියම් ප්‍රමාණයක් පෙන්නුම් කරයි නම් ප්‍රතිකාර නිර්දේශ කරයි. නැතහොත් පිත්තාශයෙහි පිලිකා තත්ත්ව පසුව ඇතිවිය හැක. ඔබට උදරයේ වේදනාව ඇති අවදි ඇත්නම් ප්‍රතිකාර සිදු කරන්නේ එය ඔබගේ එදිනෙදා කටයුතු වලට බලපාන ආකාරය අනුවය. මද හෝ සැමවිට නොපවතින වේදනාවක් නම් ඒ සදහා වේදනා නාශක ලබා දීමත්, වේදනාව පාලනයට සෞඛ්‍යය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීමටත් උපදෙස් ලබාදෙයි. ඔබගේ රෝග ලක්ෂණ තීව්‍ර හා නිතර නිතර ඇති වන්නේ නම් පිත්තාශය සැත්කමකින් ඉවත් කිරිමට නිර්දේශ කරයි. පිත්තාශය යනු අත්‍යාවශ්‍ය අවයවයක් නොවන අතර එය නොමැතිව සාමාන්‍ය ජීවිතයක් ගත කල හැක. සමහර පුද්ගලයන්ට රෝග ලක්ෂණ ලෙස මේදමය හෝ සැර ආහාර වර්ග ගත් විට බඩ පිපීම හෝ පාචනය ඇති විය හැක. යම් යම් ආහාර වලින් රෝග ලක්ෂණ ඇති කරන්නේනම් අනාගතයේදී ඒවායින් වැලකීම සුදුසු වේ.

පිත්තාශය ඉවත් කිරිමේ ප්‍රධාන සැත්කම

සැත්කම නිර්දේශ වුවහොත් පිත්තාශය ඉවත් කිරිමට ප්‍රධාන සැත්කම සිදු කරයි. එය ලැපරස්කොපික් කොලිසිස්ටෙක්ටොමි (laparoscopic cholecystectomy) ලෙස හදුන්වයි. ලැපරස්කොපික් කොලිසිස්ටෙක්ටොමි (Laparoscopic cholecystectomy) යන සැත්කමේදී ඔබේ උදරයේ කුඩා කැපුම් 3-4 පමණ දමනු ලබයි. එක් විශාල කැපුමක්(2-3 cm පමණ) නාභිය අසල දමන අතර අනෙකුත් ඒවා(1cm හෝ ඊට වඩා අඩු) උදරයේ දකුණු පැත්තේ දමයි. ඔබේ උදරය තාවකාලිකව කාබන්ඩයොක්සයිඩ් වායුව යොදා ගනිමින් පුම්බනු ලැබේ. මෙය හානිකර නොවන අතර එය ශල්‍යව්‍යද්‍යවරයාට අවයව නිරීක්ෂණය පහසු කරයි. Laparoscope(දීර්ඝ හීනි අන්තයෙහි කුඩා බල්බයක් හා වීඩියෝ කැමරාවක් සහිත දුරේක්ෂයක් වැනි උපකරණයකි) මෙය උදරයේ එක් කැපුමක් තුලින් ශරීරයට ඇතුල් කරයි. මෙමගින් ශල්‍යව්‍යද්‍යවරයාට සැත්කම වීඩියෝ තිරයේ දැකගත හැක. ඔවුන් විශේෂ උපකරණ භාවිතා කර පිත්තාශය ඉවත් කරනු ලබයි. පිත්ත ප්‍රනාල වල ගල් ඇති බවට නිගමනය කලහොත් ,X ray හෝ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් (ultrasound scan) පරීක්ෂණයක් සැත්කම අවස්ථාවේදී පිත්ත ප්‍රනාල වල සිදු කරයි. පිත්තාශ ගල් හමුවුවහොත් ඒවා සැත්කම අවස්ථාවේදී ඉවත් කරයි. මේ ආකාරයට සැත්කම සිදු කල නොහැකි නම් හෝ අනපේක්ෂිත සංකූලතා ඇති වුවහොත්, විවෘත සැත්කමක් කිරිමට සිදු වේ. පිත්තාශය ඉවත් කිරිමෙන් පසුව ඔබේ උදරයේ ඇති වායුව laparoscope උපකරණය ඔස්සේ පිටවන අතර කැපුම් දියවනසුලු මැහුම් ආධාරයෙන් මසා ආවරණය කරයි. ලැපරස්කොපික් කොලිසිස්ටෙක්ටොමි (Laparoscopic cholecystectomy) යන ක්‍රියාවලිය සාමාන්‍යයෙන් නිර්වින්දනය කිරිමෙන් පසු සිදු කරයි. එනම් ඔබ එම ක්‍රියාවලිය තුල සිහිසුන්ව සිටින අතර කිසිදු වේදනාවක් නොදැනේ. සැත්කම සදහා මිනිත්තු 60-90 කාලයක් ගතවන අතර සාමාන්‍යයෙන් ඔබට එදිනම ගෙදර යා හැකිය. සම්පූර්ණ සුවය ලැබීමට දින 10 පමණ ගතවේ. තනි කැපුමක් පමනක් යොදා සිදු කරන සැත්කම මෙය සිංගල් ඉන්සිෂන් ලැපරස්කොපික් කොලිසිස්ටෙක්ටොමි ( single incision laparoscopic cholecystectomy) ලෙස හදුන්වන අතර මෙය පිත්තාශය ඉවත් කිරිමට සිදු කරන නව සැත්කම් වර්ගයකි. මෙවැනි සැත්කම් අවස්ථාවලදී එක් කුඩා කැපුමක් පමණක් යොදන අතර එනිසා ඔබට එක් කැලලක් පමණක් ඇතිවේ. නමුත් මෙවැනි සැත්කම් නිතර සිදු නොවන නිසා ඒවා පිලිබඳ සමහර අවිනිශ්චිතතා පවතී. සිංගල් ඉන්සිෂන් ලැපරස්කොපික් කොලිසිස්ටෙක්ටොමි ( Single incision laparoscopic cholecystectomy) යන සැත්කම් සීමිත වශයෙන් සිදු කරන්නේ ඒ සදහා විශේෂඥ පුහුණුවක් සහිත පලපුරුදු ශල්‍ය වෛද්‍යවරයෙක් අවශ්‍ය වීමයි.

විවෘත සැත්කම්

ලැපරස්කොපික් කොලිසිස්ටෙක්ටොමි (Laparoscopic cholecystectomy) යන සැත්කම නිර්දේශ නොකරන්නේ ඔබ:

  • ගර්භණී සමයේ 3වන ත්‍රයිමාසිකයේ(අවසන් මාස 3) සිටීනම්
  • අතිශයින්ම අධිබර නම්
  • අසාමන්‍ය පිත්තාශයක් හෝ පිත්ත ප්‍රනාල ව්‍යුහයක් පවතීනම් සැත්කම අසීරු සහ අවධානම් සහගත වේ

මෙම තත්වයන් යටතේ, ඕපන් කොලිසිස්ටෙක්ටොමි (open cholecystectomy) යන සැත්කම නිර්දේශ කල හැක. 10-15cm(අගල්4-6) පමණ කැපුමක් පර්ශු වලට යටින් උදරයේ දමන අතර එමගින් පිත්තාශය ඉවත් කරනු ලබයි. නිර්වින්දනය කිරීම නිසා ඔබ සිහිසුන් වන අතර කිසිදු වේදනාවක් නොදැනේ. විවෘත සැත්කම ලැපරස්කොපික් ( laparoscopic) සැත්කම මෙන්ම ඵලදායි වන නමුත් එය සුව වීමට දීර්ඝකාලයක් ලබා ගන්නා මෙන්ම හොඳින් පෙනෙන කැලලක් ද ඇති කරයි. බොහෝ පුද්ගලයන්ට දින 5ක් පමණ රෝහල්ගත වී සිටිමට සිදු වේ. එය සුව වීමට සාමාන්‍යයෙන් සති 6ක පමණ කාලයක් ගතවේ.

එන්ඩොස්කොපික් රෙට්‍රොග්‍රේඩ් කොලන්ජියෝපන්ක්‍රියේටෝග්‍රෆි ( Endoscopic retrograde cholangio-pancreatography) (ERCP)

එන්ඩොස්කොපික් රෙට්‍රොග්‍රේඩ් කොලන්ජියෝපන්ක්‍රියේටෝග්‍රෆි (Endoscopic retrograde cholangiopancreatography(ERCP) යනු පිත්ත ප්‍රනාල වලින් ගල් ඉවත් කිරිමට යොදා ගන්නා ක්‍රියාවලියකි. මෙම ක්‍රියාවලියේදී පිත්තාශය ඉවත් නොකරන බැවින් පිත්තාශයෙහි ගල් තිබේනම් වෙනත් ක්‍රමයකින් ඉවත් කරන තෙක් ඒවා පිත්තාශයෙහි පවතී. ERCP, Diagnostic cholangiography (ඩයග්නෝසිස් කොලන්ජියෝග්‍රෆි) (වැඩිදුර විස්තර සදහා ඩයග්නෝසින් ගෝල්ඩ්ස්ටෝන් diagnosing gallstones යන්න අධ්‍යනය කරන්න) යන පරීක්ෂණයට සමාන වේ, මෙහිදී එන්ඩොස්කෝප් යන(දිගු සිහින් නම්‍යශීලී අන්තයෙහි කැමරාවක් ඇති නලය) උපකරණය මුඛය මගින් පිත්ත ප්‍රනාල කුඩා අන්ත්‍රය වෙත විවෘත වන ස්ථානය දක්වා ගමන් කරවයි. ERCP යන පරීක්ෂණයේදී පිත්ත ප්‍රනාලය විවෘත වන ස්ථානය කුඩා කැපුමකින් හෝ ව්ද්‍යුතයෙන් රත්කල කම්බියක් මගින් පුලුල් කරයි. ඉන්පසු පිත්ත ප්‍රනාලයේ ගල් ඉවත් කිරිම හෝ එම ගල් කුඩා අන්ත්‍රය වෙත ගමන් කරවා ශරීරයෙන් ඉවත් කිරිම සිදු කරයි. සමහර අවස්ථාවලදී ස්ටෙන්ට් (stent) ලෙස හදුන්වන කුඩා නලයක් ස්ථිරව පිත්ත ප්‍රනාලයේ තැන්පත් කර පිත හා ගල් ගලා යාම පහසු කරයි. ERCP යන පරීක්ෂණය සාමාන්‍යයෙන් සිදුකරන්නේ සෙඩේශන් (sedation) යන ක්‍රියාවලිය යටතේය. එනම් ඔබ ක්‍රියාවලිය පුරා සිහියෙන් සිටියද කිසිදු වේදනාවක් නොදැනේ. මෙම ක්‍රියාවලිට 30 පමණ ගතවේ, නමුදු මිනිත්තු 15 සිට පැයකට වඩා වැඩි කාලයක් සමහර අවස්තාවලදී ගත හැක. ඉන්පසු ඔබට රාත්‍රියේ රෝහල්ගත වීමට සිදු වේ. එවිට ඔබගේ තත්ත්වය නිරික්ෂණය කල හැක.

පිත්තාශයෙහි ගල් දිය වීමට ඖෂධ ලබාදේ

ඔබගේ පිත්තාශයෙහි ගල් කුඩා නම් හා කැල්සියම් අඩංගු නොවේනම් අර්සිඩ්ඔක්සිකෝලික් ඇසිඩ් (ursodeoxycholic acid) යන ඖෂධය ගැනීමට හැක. නමුත් මේවා නිතර නියම නොකරන්නේ:

  • ඒවා ඵලදායී වන්නේ කලාතුරකින් වන නිසාය
  • ඒවා දීර්ඝකාලීනව ලබා ගැනීමට සිදුවේ(අවුරුදු 2 පමණ)
  • පිත්තාශයෙහි ගල් ප්‍රථිකාර නැවැත්වීමත් සමග නැවත ඇති විය හැක

අර්සිඩ්ඔක්සිකෝලික් ඇසිඩ් වල ( Ursodeoxycholic acid) අතුරු ආබාධ අවම හා ඉතා සුලුවශයෙන් ඇති වේ. බහුල ලෙස වාර්තා වූ අතුරු ආබාධ වන්නේ අසනීප ගතිය, අසනීප වීම හා සමේ කැසීමයි. අර්සිඩ්ඔක්සිකෝලික් (Ursodeoxycholic )අම්ලය සාමාන්‍යයෙන් ගර්භණී සහ මව්කිරි දෙන මව්වරුන්ට නිර්දේශ නොකරයි. අර්සිඩ්ඔක්සිකෝලික් ඇසිඩ් ( Ursodeoxycholic acid) භාවිතා කිරිමේදී ලිංගිකව ක්‍රියාකාරී කාන්තාවන් කළ යුත්තේ කොන්ඩම් වැනි බාධක ක්‍රමයක් හෝ අඩු මාත්‍රාවකින් යුත් ඊස්ට්‍රජන් උපත් පාලන පෙති භාවිතා කිරිමය. එයට හේතුව වන්නේ අම්ලය අනෙකුත් උපත් පාලන පෙති වලට බලපෑම් කිරීමයි. අර්සිඩ්ඔක්සිකෝලික් ඇසිඩ් ( Ursodeoxycholic acid) පෙති ඔබ පිත්තාශයෙහි ගල් ඇතිවීමේ අවධානමක සිටීනම් එය වැලැක්වීමට යොදා ගනී. උදාහරණයක් ලෙස ඔබ ආසන්න කාලයේදී බර අඩු කර ගැනීමට සැත්කමක් සිදු කර ඇත්නම්අර්සිඩ්ඔක්සිකෝලික් (ursodeoxycholic )අම්ල පෙති නිර්දේශ කරයි. හේතුව වන්නේ ක්ශනික බර අඩු වීම නිසා පිත්තාශයෙහි ගල් ඇති විය හැකිවීමයි.

ආහාර සහ පිත්තාශයෙහි ගල්

අතීතයේදී පිත්තාශයෙහි ගල් ඇති නමුත් සැත්කම්කට නුසුදුසු පුද්ගලයන්ට ගල් තවදුරටත් ඇතිවීම වැලැක්වීමට ඉතා අඩු මේද ප්‍රමාණයක් අඩංගු ආහාර වේලක් ලබා ගැනීමට උපදෙස් දෙනු ලබයි. නමුත් මෑතකාලීන සාක්ශි මගින් පෙන්නුම් කරන්නේ එය උදව් නොවන බවයි. ඊට හේතුව වන්නේ මේදය අඩු ආහාර ගත්විට ශරීරයේ බර වේගයෙන් අඩුවන නිසා එවිට ගල් ඇති වීමයි. එනම් එම සැත්කම නිර්දේශ නොකලහොත් හෝ ඔබට සැත්කමක් කිරිමට අනවශ්‍ය නම් සෞඛ්‍යය සම්පන්න සමබර ආහාර වේලක් ගැනීමට උපදෙස් ඔබට උපදෙස් ලැබේ. එහි විවිධ ආහාර, මද්‍යම ප්‍රමාණයට මේදය අඩංගු වියයුතු අතර නිසි වේලාවට ආහාර ගත යුතුය. සෞඛ්‍යය සම්පන්න ආහාර වේලක් මගින් මෙම ගල් සුව කිරීම හෝ සම්පූර්ණයෙන් රෝග ලක්ෂණ නැතිකිරීම සිදු නොකරයි, නමුත් එමගින් ඔබගේ සෞඛ්‍යය තත්ත්වය ඉහළ නංවන අතර ගල් මගින් ඇති වන වේදනාවද පාලනය කරයි.